Home News Breaking විද්‍යා අපයෝජනය කර ඇත්තේ වීඩියෝ කර විකුණන්නයි

විද්‍යා අපයෝජනය කර ඇත්තේ වීඩියෝ කර විකුණන්නයි

446 views
SHARE

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය සැලසුම් සහගතව සිදු කළ අපරාධයක් බවත්, සිසුවිය අපයෝජනය කරන අයුරු රූගත කර විකිණීමේ උත්සාහයක් තිබී ඇති බව හෙළිවී තිබෙනවා.

දකුණු ආසියාවේ දැරියන් හා තරුණියන් අපයෝජනයට කර ඒවායේ දර්ශන පටිගත කර අලෙවි කරමින් කෝටි ගණනින් ලාභ ලබන ව්‍යාපාරයක් මීට හේතු වී ඇති බවයි වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා සඳහන් කරන්නේ.

අපරාධයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කිරීමට උත්සාහ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කළ බවත්, රුපියල් මිලියන 20ක් ලබා දී විමර්ශන යට ගැසීමේ වෑයමක් තිබුණු බවත් ලිවේරා වැඩි දුරටත් කියා සිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනයේ විද්‍යා සිසුවිය ඝාතන සිදුවීමේ නඩු විභාගය යාපනය මහාධිකරණයේ දී ඊයේ ආරම්භ වූ අවස්ථාවේදීයි.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් සහ ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ යාපනය මහාධිකරණයේදී නඩු විභාගය ආරම්භ වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site