Home News Breaking හොර නෝට්ටු සමඟ නීති සිසුවෙකුත් දැලේ

හොර නෝට්ටු සමඟ නීති සිසුවෙකුත් දැලේ

106 views
SHARE

රුපියල් 701,000ක ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවන් පස් දෙනකු මතුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයකු අවසන් වසරේ නීති ශිෂ්‍ය‍යකු බව පොලිසිය සඳහන් කරනවා.

පෙරේදා (28) මතුගම තානායමට පැමිණි පුද්ගලයකු මත්පැන් ලබාගෙන ඒ වෙනුවෙන් දුන් රුපියල් 5000ක මුදල් නෝට්ටුව පිළිබඳව සැක සිතූ තානායමේ මුදල් අයකැමිවරයා ඒ පිළිබඳව මතුගම පොලිසියට දැනුම් දී ඇති අතර පොලිස් නිලධාරීන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු සන්තකයේ තිබී තවත් රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 12ක් සොයාගෙන තිබෙනවා.

ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තවත් රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 127ක් සහ රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් ද තිබී හමුවූ බව සඳහන්.

සැකකරුවන් වයස අවුරුදු 35, 38, 23, 22 හා 24 වන මතුගම හා බෙරලපනාතර පදිංචිකරුවන් බව අනාවරණය වී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site