Home News Breaking පිළියන්දල වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවන් 2ක් මාට්ටු

පිළියන්දල වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවන් 2ක් මාට්ටු

109 views
SHARE

පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මිරිහාන විශේෂ අපරාධ ඒකකය මගින් සිදු කළ වැටලීමකදී කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවගෙන් ප්‍රශ්න කිරීමේදී අපරාධය සිදු කිරීම සඳහා භාවිත කළ ගිනි අවි ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් මෝටර් රථය සහ ටිපර් රථයක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

ඔවුන් අද(30) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site