Home News Breaking කුඩා හිමිනමක් සියදිවි හානි කරගනියි – ආදාහනය නොකරන ලෙස අධිකරණයෙන් නියෝග

කුඩා හිමිනමක් සියදිවි හානි කරගනියි – ආදාහනය නොකරන ලෙස අධිකරණයෙන් නියෝග

164 views
SHARE

අත්තුඩාව රතනපාලාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ 13 හැවිරිදි සාමණේර හිමිනමක් ඊයේ (29දා) උදේ 7.30ට පමණ විහාරස්ථානයේ ඝණ්ටාර කුලුණේ එල්ලී අපවත්වී ඇතැයි තිහගොඩ පොලිසිය පවසනවා.

දුරකතන ඇමතුමක් අනුව පොලිසිය එම ස්ථානයට යන විටත් උන්වහන්සේව මාතර මහ රෝහල වෙත ගෙනගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කලේ.

අපවත්වී ඇත්තේ ඇඹිලිපිටියේ සාසන ධම්ම නමැති සාමණේර හිමිනමයි.

මෙම සාමණේර හිමිනම උදෑසන අවදිවී බෝමළුව ඇමදීම සඳහා පිටත්ව ගොස් තිබූ බවත් ඉන් අනතුරුව උන්වහන්සේ සම්බන්ධයෙන් තොරතුරක් නොලැබුණු බවත් ප්‍රකශවලින් හෙළිවූ බව උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියා.

මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය මාතර මහ රෝහලේදී සිදු කර ඇති අතර ඉන් හෙළිවී ඇත්තේ ගෙලවැලලා ගැනීම නිසා මෙම මරණය සිදුවූ බවයි.

එම හිමියන්ගේ දේහය ආදාහනය නොකරන ලෙසත් භූමිදානය කරන ලෙසත් අධිකරණයෙන් නියෝග ලැබී ඇති බවද උසස් පොලිස් නිලධාරියා සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site