Home News Sports ගාල්ලම හෙල්ලූ ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායමට පරාජය වෙයි

ගාල්ලම හෙල්ලූ ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායමට පරාජය වෙයි

326 views
SHARE

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අද පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 6න් ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ට ලකුණු 316ක් ලබාගත් අතර එහිදී පන්දු 80ට මුහුණදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් ලබා ගත් අතර උපුල් තරංග නොදැවී ලකුණු 79ක් ලබා ගත්තා.

පන්දුයැවීමේදී ටෙන්ඩායි චතාරා ලකුණු 49ට කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වුණා.

අනතුරුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 47 යි පන්දු 4ක් තුළ කඩුලු 4ට ලකුණු 322ක් ලබාගනිමින් ජයග්‍රහණය කරනු ලැබුවා.

සොලමන් මයර් ලකුණු 112ක් ද, ශිකන්දර් රාසා නොදැවී ලකුණු 67ක් ලබාගැනීමට සමත්වූ අතර පන්දු යැවීමේදී ලකුණු 45 ට කඩුලු 2ක් දවා ගැනීමට අසේල ගුණරත්න සමත් වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site