Home Uncategorized පොලිස්පති පොලිසියට දැමු අලුත් නීතිය මෙන්න

පොලිස්පති පොලිසියට දැමු අලුත් නීතිය මෙන්න

200 views
SHARE

ශ්‍රී ලංකා පොලිසියේ සියලු නිලයන්හි පොලිස් නිලධාරීන් උදෑසන රාජකාරි ආරම්භ කිරීමට පෙර මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව වඩන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර ඊයේ  (15) උපදෙස් දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

උදෑසන 8.00 ට සියලු නිලධාරීන් ප්‍රථමයෙන් මිනිත්තු තුනක් ආනාපානසති භාවනාව කළ යුතු බවටත්, ඉන් පසු මෛත්‍රී භාවනාව කළ යුතු බවටත්, නැවතත් ආනාපානසති භාවනාව කර භාවනාව අවසන් කළ යුතු බවටත් පොලිස්පතිවරයා නියෝග කර ඇතැයි දැනගන්නට තිබේ.

පොලිස්පතිවරයා මෙම නියෝගර කර ඇත්තේ ඊයේ (15) පොලිසියේ උසස් නිලධාරීන් සඳහා පැවැති විශේෂ රැස්වීමකදී ය. උදෑසන 9.15 සිට දහවල් 12.00 පමණ වන තුරු එම රැස්වීම පැවැත්විණි.
ඊට සහභාගී වූ පොලිස්පති පූජිත් ජයසුන්දර කියා ඇත්තේ තම ධුර කාලයේ යම් යම් රාජකාරිමය අතපසුවීම් සිදුවූ බවයි. ඒ ගැන කණගාටු වන බව කියා ඇති පොලිස්පතිවරයා වැඩ රාජකාරි අතපසුවීම වළක්වා ගැනීමට සියලු පොලිස් නිලධාරීන් උදෑසන භාවනා කළ යුතු බව කියා තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝගය අනුව බොහෝ ප්‍රදේශවල උසස් පොලිස් නිලධාරීහු ඊයේ (16) ඒ ගැන සෙසු පොලිස් නිලධාරීන් දැනුම්වත් කළහ. මේ ගැන විමසීමට පොලිස්පති පූජිත් ජයසුන්දර ගේ දුරකතනයට ඇමතුම් ගත්තත් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි  සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ද අසාර්ථක විය. නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී විජේවීර ගෙන් විමසීමට කිහිප විටත් ඇමතුම් ගත්තත් ප්‍රතිචාරයක් නොලැබිණි.
පොලිස් විෂය භාර සාගල රත්නායක ඇමැතිවරයාගේ දුරකතනයට ඇමතුම් ගත් විට ප්‍රකාශකයකු කීවේ ඇමැතිවරයා විදෙස් ගත වී ඇති බවයි.