Home News Breaking බුද්ධි අංශ වාර්තා අනුව අමාත්‍යාංශ කිහිපයකට විශේෂ ආරක්ෂාවක්

බුද්ධි අංශ වාර්තා අනුව අමාත්‍යාංශ කිහිපයකට විශේෂ ආරක්ෂාවක්

239 views
SHARE

විරෝධතාකරුවන් විසින් හානි පැමිණවිය හැකි බවට හඳුනාගෙන ඇති අමාත්‍යාංශවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

විශ්වවිද්‍යාල සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදී අමාත්‍යාංශයේ දේපළවලට හානි කිරීමත් සමඟ බුද්ධි අංශ ලබාදී ඇති වාර්තා පදනම් කරගෙන මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විදුලිබල අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ජනාධිපති ‍ලේකම් කාර්යාලයටද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇතැයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site