Home News Breaking ලොරි අනතුරු වලින් අවුරුදු 2කේ දැරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ලොරි අනතුරු වලින් අවුරුදු 2කේ දැරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

200 views
SHARE

ඩොල්සිමඩම සහ වත්තේගම ප්‍රදේශවල සිදු වූ අනතුරු වලින් අවුරුදු දෙකකක් වයසැති දැරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඩොල්සිමඩම අමුණුදෝව ප්‍රදේශයේදී එක් දැරියක ජීවිතක්ෂයට පත් වූයේ ලොරි රථයකට යට වීමෙන් බව සඳහන්.

රථය ධාවනය කර ඇත්තේ දැරියගේ පියා බවයි වාර්තා වන්නේ. ලොරි රථයෙන් තේ දලු ප්‍රවාහණය කර නැවත නිවස බලා එමින් සිටි පියා දැක ගැනීමට දියණිය ලොරි රථය ඉදිරියට දිව ගොස් ඇති බව සඳහන්.

එම අවස්තාවේදී ලොරි රථයට යට වූ දැරිය බරපතල තුවාල ලබා තිබෙනවා.

ඇය පස්සර රෝහලට ඇතුළත් කරන අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර වත්තේගම යටවර ප්‍රදේශයෙදී ලොරි රථයකින් ඇද වැටීමෙන් තවත් දැරියක ජීවිතක්ෂයට පත් වුණා.

වයස අවුරුදු දෙකක් වූ ඇය සිය මව සමග ලොරි රථයේ පසුපස ගමන් කරමින් සිටියදී එහි දොර විවෘත්ත වීමෙන් දැරිය මාර්ගය මතට ඇද වැටී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ ඇය මාතලේ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site