Home News Breaking මොරටුව විශ්වවිද්‍යාලය ඩෙංගු මදුරුවන්ගේ වාසස්ථානයක් වෙයි

මොරටුව විශ්වවිද්‍යාලය ඩෙංගු මදුරුවන්ගේ වාසස්ථානයක් වෙයි

184 views
SHARE

මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඩෙංගු මදුරු කීටයන් සිටි ස්ථාන 15ක් සොයා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

තවත් ඩෙංගු මදුරුවන් බෝ වන අයුරින් පැවැති ස්ථාන හමුවී ඇති අතර, ඒවා ධූමායන කටයුතු සිදුකරමින් විනාශ කර දැමූ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඩෙංගු රෝගය පැතිර යාම හේතුවෙන් පසුගිය දා මොරටුව විශ්වවිද්‍යාලය වසා දැමුණ අතර එම විශ්වවිද්‍යාලයේ සිසුවියක් ද ඩෙංගු රෝගයෙන් මිය ගියා.

මාතලේ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ 3 වන වසරේ ඉගෙනුම ලබමින් සිටියා.

මේ වනවිට මොරටු සරසවියේ සිසුන් 80කට පමණ ඩෙංගු රෝගය වැළදී ඇති බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site