Home News Breaking පොලිස් භාවනාව ගැන දන්නේ නෑ – මාධ්‍ය ප්‍රකාශක

පොලිස් භාවනාව ගැන දන්නේ නෑ – මාධ්‍ය ප්‍රකාශක

224 views
SHARE

පොලිස් නිලධාරීන් උදෑසන රාජකාරී ආරම්භයට පෙර මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව වැඩිය යුතු බවට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ ද යන්න සම්බන්ධයෙන් තමා නොදන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි  පවසයි.

සියලු පොලිස් නිලධාරීන් රාජකාරී ආරම්භයට පෙර භාවනා කල යුතු බවට පොලිස්පතිවරයා උපදෙස් දී ඇතැයි පළවන වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකදීයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේබව කියාසිටියේය.

උදෑසන 8.00 ට සියලු නිලධාරීන් ප්‍රථමයෙන් මිනිත්තු තුනක් ආනාපානසති භාවනාව කළ යුතු බවටත්, ඉන් පසු මෛත්‍රී භාවනාව කළ යුතු බවටත්, නැවතත් ආනාපානසති භාවනාව කර භාවනාව අවසන් කළ යුතු බවටත් පොලිස්පතිවරයා උපදෙස් ලබා දුන් බව වාර්තා විය.

මේ අතර විශේෂ අවස්ථාවලදී ජාතික ගීය සහ පොලිස් ගීතය ගායනා කර උදෑසන රාජකාරී ආරම්භ කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව පමණක් තමා දන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේය.