Home News Breaking රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය කල් ගියේ ඇයි ?

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය කල් ගියේ ඇයි ?

212 views
SHARE

සයිටම් අර්බුදය විසඳන ලෙස ඉල්ලා රජයේ වෛද්‍යවරුන් හෙට (05) දිනයේදී දිවයින පුරා රෝහල්වල ආරම්භ කිරීමට තීරණය කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය සතියක කාලයක් දක්වා අත්හිටුවීමට තීරණය කළ බව සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළා.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදී සභානායකවරයා විසින් දිරිගන්වන සුළු ප්‍රතිචාරයන් ලබා දුන් බවත් ඉදිරියේදී එම ධනාත්මක ප්‍රතිචාරයන් රට හමුවේ තබනු ඇති බවට සංගමය විශ්වාස කරන බවත් ඔහු කියා සිටියා.

මීට අමතරව අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේ සහ මැල්කම් රංජිත් කාදිනල්තුමා වර්ජනය තාවකාලිකව අත්හිටුවන ලෙසට කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම වැඩ වර්ජනය සතියක කාලයක් දක්වා අත්හිටුවීමට සංගමයේ විධායක සභාව තීරණය කළ බව වෛද්‍ය අලුත්ගේ අද (4) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

කෙසේ නමුත් සයිටම් ආයතනය නීතිගත කිරීම සඳහා මතභේදාත්මක තීරණවලට එළඹීමට බලධාරීන් ක්‍රියා කළහොත් ඒ මොහොතේම අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට සංගමය අනතුරු අගවා සිටියා.

ඩෙංගු වසංගත තත්ත්වයක් රට පුරා පැතිර යන මොහොතක අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක වුවද ඩෙංගු රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාර වල කිසිදු අඩුවක් සිදු නොකරන බවද වෛද්‍ය අලුත්ගේ අවධාරණය කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site