Home News Politics අභූත චෝදනා කල ගම්මන්පිලට එරෙහිව රවීගෙන් අපහාස නඩුවක්

අභූත චෝදනා කල ගම්මන්පිලට එරෙහිව රවීගෙන් අපහාස නඩුවක්

224 views
SHARE

රථ වාහන එකලස් කිරීමේ ආයතනයක් පදනම් කර ගෙන තමාට අභූත චෝදනා කළ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාට එරෙහිව නඩු පවරන බව අමාත්‍ය රවී කරුණානායක  පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, කොළඹ ඊයේ  පැවති මාධ්‍ය හමුවකදීයි . අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ වෘත්තීය පදනමක් සහිතව දේශපාලනය කරන තමන්ගේ අපේක්ෂාව රට වෙනුවෙන් සේවය කිරීම බවයි.

රුපියල් බිලිනය 1700 සිට රුපියල් බිලියන 95,000ක් දක්වා රටේ ණය බර වැඩි කරපු පිරිස රටට මොනවද වෙලා තියෙන්නේ යන්න අද ප්‍රශ්න කරන බවයි.

සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් ආර්ථිකය ගොඩනංවමින් සිටින බවට ඔවුන්ට වගකීමෙන් ප්‍රකාශ කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.  එදා 10.2% පැවති ආර්ථිකය අද 13.8% දක්වා වර්ධනය කර තිබෙනවා.

මේ විට මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 48ක් ආරම්භ කර තිබෙනවා.  ජාත්‍යන්තර මට්ටමෙන් සෘණාත්මක චිත්‍රයක්ව තිබුණ ශ්‍රී ලංකා අද ස්ථාවර රටක් බවට පත්ව තිබෙන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site