Home News Business රුපවාහිනියේ නවතම පෙරලිය Epic 4K දැන් ලංකාවේ

රුපවාහිනියේ නවතම පෙරලිය Epic 4K දැන් ලංකාවේ

498 views
SHARE

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් විසින් තවත් නවීනතම නිෂ්පාදනයක් සිය නිෂ්පාදන අතරට එක් කරමින් Singer Epic 4K Ultra HD Smart TV පෙළ හඳුන්වාදීමේ අවස්ථාව සිංගර් ශ්‍රී ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්ගේ සහ සිංගර් ශ්‍රී ලංකා අලෙවි අධ්‍යක්ෂ කුමාර සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ.

මෙරට ප්‍රමුඛතම රූපවාහිනී සන්නාමයක් වන සිංගර් දිනෙන් දින වර්ධනය වන සිය පාරිභෝගිකයා වෙත නවතම තාක්ෂණයෙන් යුතු උසස් නිෂ්පාදන තිලිණ කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටියි. ඒ යටතේ මෙරට රූපවාහිනී තාක්ෂණයේ නව මානය ලෙස රූපවාහිනී ප්‍රේක්ෂකයාගේ අවශ්‍යතාවට සරිලන, නවීන තාක්ෂණයෙන් යුතු විශේෂාංග රැසකින් සමන්විත මෙම නවතම රූපවාහිනිය හඳුන්වා දී තිබෙනවා. නවතම Singer Epic 4K Ultra HD Smart TV පෙළ අසමසම මිලකට, වසර 3ක වගකීමක් සහිතව සහ අලෙවියෙන් පසු සිංගර් සේවා පහසුකම් ද සමඟ ප්‍රේක්ෂකයින් වෙත නව්‍ය අත්දැකීමක් තිළිණ කරන බව සහතික ය.

 

Singer Epic 4K Ultra HD Smart TV විශාලත්වය අතින් 49”, 55”, 60”, 65”, 75” යන ප්‍රමාණයන්ගෙන් මිලදී ගත හැකිය. HDR මඟින් වර්ණ සංයෝජනයේ අපූර්වත්වය මැනවින් අත්විඳිය හැකි මෙම රූපවාහිනිය මඟින් අති පැහැදිලි රූප නැරඹීමේ අවස්ථාව හිමිවෙයි. මෙම නවතම රූපවාහිනී මාදිලිය මඟින් ගෘහස්ථ සිනමා (හෝම් තියටර් ) අත්දැකීම විඳගත හැකිවන අතර ඒ සඳහා උසස් තත්වයේ Dolby Digital ශබ්ද පද්ධතියකින් සමන්විත වනවා.

මෙම රුපවාහිනියේ විශේෂත්වය වන්නේ අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය පවත්වාගෙන යන අන්තර්ජාල ඉගෙනුම් ක්‍රමවේදයක් වන e-තක්සලාව හා සම්බන්ධ වීමේ විශේෂ පහසුකම් ද Singer Epic 4K Smart TV ඔස්සේ සලසා දී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය විසින් ආරම්භ කරන ලද e-තක්සලාව මගින් 1 වසර සිට 13 වසර දක්වා අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා පාසැල් විෂය නිර්දේශයට අනුකූල ඉගැන්වීම් සිදුකරනු ලබනවා.

නවතම Singer Epic 4K Smart රූපවාහිනී රුපියල් 125,000/= සිට මිළදී ගත හැකි අතර දිවයින පුරා පිහිටි සිංගර් මෙගා, සිංගර් ප්ලස්, සහ සිසිල් වර්ල්ඩ් ස්ටෝර්ස් හිදී මෙම Singer Epic 4K Smart රූපවාහිනිය මිලදී ගැනීමට අවස්ථාව හිමිවෙයි. මීට අමතරව දිවයින පුරා පිහිටි 420 කට අධික සිංගර් අලෙවිසැල් වෙතින් ද මෙම රූපවාහිනිය මිලදී ගත හැක. විශේෂ හඳුන්වාදීමේ දීමනාවක් ලෙස මෙම Singer Epic රූපවාහිනියක් මිලදී ගැනීමේදී ඩයලොග් හා එක්ව බ්‍රොඩ්බෑන්ඩ් සබඳතාවක් නොමිලේ පිරිනැමෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site