Home C Gossip මිනිසෙකුට මෙන් සුනඛ සුරතලාට අවමංගල උත්සවයක් පැවැත්වූ සංවේදී මිනිසෙක් PHOTOS

මිනිසෙකුට මෙන් සුනඛ සුරතලාට අවමංගල උත්සවයක් පැවැත්වූ සංවේදී මිනිසෙක් PHOTOS

359 views
SHARE

මිනිස් ගති ඇති සුනඛයෙක් වෙනුවෙන් මිනිසෙකුටමෙන් අවමංගල උපහාර පැවැත්වූ පුවතක් කැලණියෙන් වාර්තා වෙනවා.

මලිත් සුදුසිංහ තමාගේ සුනඛ සුරතලිය මිෂෙල් වෙනුවෙනුයි මේ අවමංගල උත්සවය පවත්වා තිබෙන්නේ.

මිෂෙල් පිළිබඳව මලිත් ලියූ සටහනක් පහතින්.

“මිෂෙල්ව මම ගෙනාවේ මම ඒ ලෙවල් කරන කාලේ. එතකොට මිෂෙල්ට වයස මාස 2 යි. හැමදාම මගේ කාමරේ මගේ ඇද ලග තමයි ඉන්නේ. මනුස්සයෙක්ගෙ වගේ ගති පැවතුම් තිබුනේ මිෂෙල්ට. අවුරුදු 7 ලබන්නේ මේ නොවැම්බර් 20 ට. ඒත් එකපාරම කිසිම කෑමක් කන්නේ නැති උනා. බ්ලඩ් ටෙස්ට් කරලා බලද්දි කිඩ්නි දෙකම ඩැමේජ් වෙලා. ඒකට කිසිම බෙහෙතක් නෑ. දවස් තුනක් විතර විදෙව්වා , වමනේ දැම්මා. මම මගේ අත් දෙකෙන්මයි කැත කුණු හැමදේම අයින් කලේ. කවදාවත් දම්වැල් දාලා හැදුවේ නෑ මිෂෙල්ව. එයා නිදහසේමයි හිටියේ කුඩු කලේ නෑ. ජීවත් වෙලා ඉද්දිත් ලෙඩ උනාට පස්සෙත් මිෂෙල්ට මනුස්සයෙක්ට වගේම අපි සැලකුවා. අවසන් කටයුතුත් ඒ ආකාරයටම කරනවා අද හවස පාංශකූලයක් පූජා කරලා. මිෂෙල් අපිව දාලා ගිය එක ඉවසගන්න පුලුවන් දුකක් නෙවෙයි,ඒත් එයා ගොඩක් වාසනාවන්ත ජීවිතයක් ගතකලා. මගේ එකම පැතුම මිෂෙල් මගේ දරුවෙක් වෙලා මගේ ලගට එන්න කියන එක.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site