Home News Breaking ASP කම්පන තත්ත්වයක ?

ASP කම්පන තත්ත්වයක ?

271 views
SHARE

නැගෙනහිර ආණ්ඩුකාර ධූරය තමාට ලබා නොදීම නිසා මේවන විට කම්පනයෙන් සිටින බව කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී ලියනගේ පවසනවා.

තමන් නියෝජනය කරන ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, සන්ධාන රජය තුළ නියෝජනය වන බවත්, ජනාධිපතිවරයා විසින් තමාව කටාර්හි ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරනු ලැබුවේ ආණ්ඩුකාර ධූරයක් හිස්වන තෙක් පමණක් බැව් එවක ජනාධිපතිවරයා කියා සිටි බවත් ලියනගේ පැවසුවේ අද (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

එසේ වුවද, නැගෙනහිර ආණ්ඩුකාර ධූරයට මේවන විට රෝහිත බෝගොල්ලාගම පත්කර ඇති බවත්, එය තමන්ට නොදීම සම්බන්ධයෙන් බලවත් සිත් තැවුලක් හටගෙන ඇති බවත් ඔහු සඳහන් කළා.

එවැනි ව්‍යාකූල මානසිකත්වයකින් තානාපති ධූරයේ කටයුතු කරගෙනයාම අපහසු බැවින් තමන් එකී තනතුරෙන් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්, එම ඉල්ලීම ඉටුකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ලියනගේ අවධාරණය කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site