Home News Sports ඔස්ට්‍රේලියාවේ පැවති පෙරහුරු T 20 තරගය ඉතිහාසයට -PHOTOS

ඔස්ට්‍රේලියාවේ පැවති පෙරහුරු T 20 තරගය ඉතිහාසයට -PHOTOS

196 views
SHARE

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග මාලාවක් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම ක්‍රීඩා කරන පෙරහුරු තරගයක් සංවිධානය කළ පළමු අවස්ථාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායම අතර අද (15දා) කැන්බරාහි මනූකා ඕවල් පිටියේ පැවැති තරගය ඉතිහාසයට එක්වනවා.

ඔස්ට්‍රේලියානු  අග්‍රාමාත්‍ය මැල්කම් ද ඒ බව තහවුරු කල බවයි වාර්තා වන්නේ.

පෙරහුරු විස්සයි විස්ස තරගයට පෙරාතුව පැවති විශේෂ භෝජන සංග්‍රහයේදී ඔහු මේ බව කියා සිටියා.

තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවට ද අග්‍රාමාත්‍යවරු දෙපළ සහභාගී වූ අතර කාසියේ වාසිය උරගා බැලිම සඳහා ශ්‍රී ලංකාවේ කාසියක් උපයෝගී කර ගත් බවයි වාර්තා වන්නේ.

පෙරහුරු තරගය නැරඹීම සඳහා අග්‍රාමාත්‍යවරු දෙපළද එක්වූ අතර එම තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවුණා.