Home News Sports කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ නායකයා, තීරණය කල දේ UPDATE

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ නායකයා, තීරණය කල දේ UPDATE

182 views
SHARE

ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.

……………………………

Jul 6, 2017 @ 09:18

අද තරඟය ගැන මැතිව්ස්ගෙන් ප්‍රකාශයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමග අද පැවැත්වෙන තුන්වන එක්දින තරගය සදහා කණ්ඩායමේ වෙනසක් සිදු කිරීමට බලපොරොත්තු නොවන බව ශ්‍රි ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

දෙරට අතර තුන්වන එක්දින තරගය අද පැවැත්වෙන්නේ සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වනවිට තරග 1 – 1 ක් ලෙස සම තත්ත්වයේ පවතිනවා.

අද පැවැත්වෙන එක්දින තරගය වසර දෙකකට පසු සුරියවැව ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වීම විශේෂත්වයක්.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් උණ රෝගයට ගොදුරු වී සිටිනවා.

එම නිසා තේරීම් කමිටුව පියවර ගෙන තිබෙන්නේ අතිරේක වේග පන්දු යවන්නන් ලෙස නුවන් කුලසේකර සහ ලහිරු කුමාර සංචිතයට කැඳවීමටයි.

ශ්‍රි ලංකා – සිම්බාබ්වේ තුන්වන එක්දින තරගය අද පෙරවරු 9.45ට ආරම්භ වීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site