Home C Gossip රාගම කොල්ලයේ ඔත්තු කරු කියන දුක හිතෙන කතාව

රාගම කොල්ලයේ ඔත්තු කරු කියන දුක හිතෙන කතාව

2,836 views
SHARE

තම පියාගේ පිළිකා රෝගයට ප්‍රතිකාර කරන්නට මුදල් අගහිඟකම් මතුවීම නිසා අපරාධයක් සිදු කරවා හෝ එම මුදල් සොයාගන්නට පෙළැඹුණ අපූරු පීතෘ ස්නේහය ඇති පුතෙකු පිළිබඳව කෙරෙන හෙළිදරව්වකි මේ

පසුගියදා රටේ ආන්දෝලනයක් ඇති කළ රාගම ලක්ෂ 77 මංකොල්ලය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිසිය කොල්ල කරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා

මෙම කොල්ලය සිදුවුනේ වත්තල රෙදිපිළි ආයතනයක මුදල් කඩවත ආයතනයට ගෙනයමින් පැවති අවස්ථාවකයි. කොල්ල කණ්ඩායම මුදල් ගෙනයන වාහනය හරස් කර මෙම මුදල් කොල්ලකා පලාගොස් තිබුණි.

කොල්ලය මෙහෙයවන්නට මුල් ඔත්තුව ලබා දී තිබෙන්නේ මෙම රෙදිපිළි ආයතනයේ කලක් සේවය කල තරුණයෙකි. මේ කියන සේවකයා මින් පෙර අපරාධවලට සම්බන්ධව සිටි අයෙකු නොවන අතර ඔහුට බූරු ‍පොළකදී හමුවූ ජගත් නමැති කොල්ල කල්ලි නායකයා සමග ඇතිවූ කථාබහේදී මෙම මුදල් කොල්ලකන යෝජනාව දන්වා තිබුණි.

ලක්ෂ ගාණක් මුදල් සොරාගත හැකි බවත් තමාට ඉන් අවශ්‍ය කරන්නේ ලක්ෂ 5 ක් පමණක් බවත් ඔත්තුකාර සේවකයා දන්වා තිබුණ අතර ඒ කියූ ලෙසම කොල්ලකෑම අවසානයේ කොල්ල කරුවන් ඔහුගේ මුදල් කොටසද ලැබී තිබේ.

පාසලින් මෑතක ඉවත්වූ විසිහැවිරිදි වයසේ සිටි හර්ෂණ නමැති මේ ඔත්තුකරු කොල්ලකරුවන් ලබාදුන් ලක්ෂ පහක මුදලින් ලක්ෂ දෙකක් රෝහල්ගතව සිටින සිය පියාගේ පිළිකා එන්නත් සඳහා වැයකර ඇතැයිද විමර්ශනවලදී හෙළි වී ඇත.

කොල්ලකෑ පිරිස ලක්ෂ 15 බැගින් බෙදාගෙන ඉන් පසුව වෙනමම ලක්ෂ පහක් ඔත්තුකරුට ලබාදී ඇති බවද හෙළිවී ඇත.

ඔහුගේ පියාගේ පිළිකා රෝගය කාලයක් තිස්සේ උත්සන්න මට්ටමක පැවතියත් මුදල් හිඟකම නිසා ප්‍රතිකාර ප්‍රමාද වූ බවත් ඒ අතරවාරයේ රැකියාවේ ප්‍රශ්නයක් නිසා රැකියාවද අහිමිවූ බවත් පවසා ඇති අතර කොල්ලයක් සිදු කර හෝ මුදල් උපයාගන්නට සිතා මෙම ඔත්තුව ලබාදුන් බව පවසා ඇත.

මේ වනවිට මෙම කොල්ලය සිදුකළ සැකකරුවන් සියල්ල අල්ලාගෙන තිබෙන අතර ඔවුන් ලක්ෂ ගණන් මුදල් සඟවා ඇති තැන්වලින් නැවත පොලිසියට ලබාදෙන්නට කටයුතු කර තිබුණි.

3 වනදා වන විට කොල්ලකෑ මුදලින් රුපියල් ලක්ෂ 40ක් සොයාගත් බව කැලණිය පොලිසිය පවසයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site