Home News Sports වාර්තා පිට වාර්තා තැබුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ ගැහුවේ ඇයි?

වාර්තා පිට වාර්තා තැබුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ ගැහුවේ ඇයි?

7,438 views
SHARE

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද සුරියවැව ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8 ක ජයක් හිමිවුනා.

අද තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ විශිෂ්ඨ දක්ෂතා දැක ගැනීමට හැකි වුණා.

ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක තම මංගල ශතකයන් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනුනා.

ආරම්භක පිතිකරුවන් යුගළයම ශතක රැස් කිරීමේ අවස්ථා 34 ක් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සටහන් වී ඇති අතර ඉන් අවස්ථා 7 ක්ම හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළකගේ වේගවත්ම ලකුණු සබඳතාවට ද අද නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක හිමිකම් කියනවා.

එක්දින තරගවල ආරම්භක පිතිකරු යුගළයේ ලකුණු 200 සබඳතාව ඉක්මවා යාමේ සිදුවීම් 10 ක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වාර්තා අතරට එක්ව තිබෙනවා.

කෙසේ වෙතත් සිම්බාබ්වේ කණ්ඩායම සමග අද පැවති එක්දින තරගයේදී නියමිත කාලය තුල පන්දුවාර ගණන සම්පුරණ නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට දඩයක් පැනවීමට තරග තීරකයන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද තරගයට හිමිවිය යුතු තරග මුදලින් සියයට 20 ක දඩයක් මැතිව්ස්ට පැනවෙනු ඇති.

කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට තරග මුදලින් සියයට 10 ක දඩයක් පැනවීමටයි තීරණය වී ඇත්තේ.

දෙරට අතර හතරවන එක්දින තරගය ලබන සෙනසුරාදා සුරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site