Home News Sports පළමු T 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

පළමු T 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

189 views
SHARE

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න් හිදී පැවති පළමු T 20 තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණා.

ඕස්ට්‍රේලියා කණ්ඩායම ලබා ගත් ලකුණු 168 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05ක් දැවී ලකුණු 172ක් ලබා ගනිමින් ජය වාර්තා කළා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග මුලින්ම පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවා.

පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 168ක් රැස් කර ගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලු 02ක් දවා ගැනීමට සමත් වුණා.

අසේල ගුණරත්න T 20 සිය මංගල අර්ධ ශතකය වාර්තා කලේ ලකුණු 52ක් රැස් කර ගනිමින්.