Home News Breaking “ඩෙංගු මදුරුවන් ඉන්නේ ගේ අතුලෙමයි” – නවතම සමීක්ෂණයකින් හෙළිවෙයි

“ඩෙංගු මදුරුවන් ඉන්නේ ගේ අතුලෙමයි” – නවතම සමීක්ෂණයකින් හෙළිවෙයි

129 views
SHARE

නවතම කීට විද්‍යා සමීක්ෂණවලට අනුව ඩෙංගු මදුරුවා නිවෙස් අභ්‍යන්තරයේම සිටින බවට අනාවරණ වී ඇතැයි අයි.ඩී.එච්. උණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.

ඒ හේතුවෙන් නිවස තුළ ඇති ජලය එක්රැස් වන ස්ථාන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට පියවර ගත යුතු බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

අධික උණ, හිසරදය, ඇඟපත වේදනාව පවතින්නේ නම් එය ඩෙංගු රෝගය බවට සෑම විටම සැක පළ කළ යුතු බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියා.

එවන් අවස්ථාවක ප්‍රධාන වශයෙන්ම විවේක ගත යුතු බව සඳහන් කළ වෛද්‍යවරයා කියා සිටියේ පැරසිටමෝල් හැර වෙනත් වේදනානාශක ඖෂධ ලබානොගත යුතු බවයි.

උණ වැළඳී පැය 48 ක් ගතවූ පසු පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදුකරගත යුතු බවත්, එය සාමාන්‍ය වුවත් පැය 72 ක් ගතවූ පසුත් යළිත් පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදුකරගැනීම වැදගත් බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site