Home News Breaking ගොලු තරුණයෙකුට කතා කිරීමේ හැකියාව ලබා දුන් විස්මිත සැත්කමක් ලංකාවෙන්

ගොලු තරුණයෙකුට කතා කිරීමේ හැකියාව ලබා දුන් විස්මිත සැත්කමක් ලංකාවෙන්

148 views
SHARE

මඩකලපුව ශීක්ෂණ රෝහලේදී ගොලු තරුණයෙකුට කතා කිරීමේ හැකියාව ලබාදීම සඳහා සිදුකළ සැත්කමක් සාර්ථක වූ බව රෝහල් අධ්‍යක්ෂක එම්.ඉබ්‍රාලබ්බේ අද (09දා) සඳහන් කළා.

මඩකලපුව ශීක්ෂණ රෝහලේ කණ නාසය හා උගුර ශල්‍යකර්ම විශේෂඥ වෛද්‍ය එස්.ජීවදාස්ගේ ප්‍රධානත්වයෙන් කොළඔ සිට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මෙම ශල්‍යකර්මය සිදු කරනු ලැබුවා.

උපතේ සිට කතා කළ නොහැකි මෙම තරුණයා කතා කරවීම සඳහා මෙම ශල්‍යකර්මය පැය හය හමාරක කාලයක් සිදුවුණු අතර, සාර්ථකව මෙම ශල්‍යකර්මය සිදුවුණු බවට මඩකලපුව ශීක්ෂණ රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.

සැත්කමට භාජනය වූ තරුණයා ඒරාවූර් හි පදිංචි අයෙකු බව මඩකලපුව ශීක්ෂණ රෝහල කියා සිටියා.

මෙම ශල්‍යකර්මය පෞද්ගලික රෝහලක සිදු කරන්නේ නම් ලක්ෂ ගණනක් වැයවන බවද වැඩිදුරටත් ඔවුන් සඳහන් කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site