Home News Breaking “කාලෝ ෆොන්සේකා ඉවත් කරන්න ඇමතිට බලයක් නෑ”

“කාලෝ ෆොන්සේකා ඉවත් කරන්න ඇමතිට බලයක් නෑ”

116 views
SHARE

කාලෝ ෆොන්සේකාගේ තනතුරට වෙනත් අයකු පත් කළහොත් වහාම දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් කැඳවන බව ඊයේ (09) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුර ඇඟවීමක් කළා.

පසුගිය වෛද්‍ය වර්ජනය අත්හිටුවූයේ මහානායක හිමිවරුන් සහ අගරදගුරුතුමා කළ ඉල්ලීම සලකා බලමින් බවත් වෛද්‍ය ආඥා පනත දිගින් දිගටම උල්ලංඝනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉඩදිය නොහැකි බවත් එම සංගමය සඳහන් කරනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වනවා.

රටක රෝගී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වෛද්‍ය ආඥා පනතක් සම්මත කර ඇත. එය ක්‍රියාත්මක කිරීම සඳහා වෛද්‍ය සභාවක් පිහිටුවා ඇත. එහි සභාපතිවරයා පත් කිරීමේ බලය ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාටය. නමුත් ඉවත් කිරීමට ඇමැතිවරයාට බලයක් නැත. සභාපති ධුරය පුරප්පාඩු වීම හා ඉවත්වීම සිදුවන්නේ ඉල්ලා අස්වීමක් හෝ සභාවේ යෝජනා සම්මතයකින් හෝ අභාවයට පත් වීමෙන්ය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් ඉහත කාරණා එකක්වත් සිදුවී නොමැත. එවන් පසුබිමක සයිටම් හිතවාදී වෙනත් සභාපතිවරයකු පත් කිරීමට ඇමැතිවරයා සූදානම් වන බව වාර්තා වේ. අලුතින් පත් කිරීමට සූදානම් වන මහාචාර්යවරයා ආයුර්වේද නිෂ්පාදන සමාගමක තනතුරක් හොබවන බවටද තොරතුරු ලැබි ඇත.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රටේ කීර්තිමත් උගතෙකි. එතුමා සභාපති තනතුරේ තවදුරටත් සිටිය යුතු බවට අප විසින් මහා නායක හිමිවරුන්, අගරදගුරුතුමා, ජනාධිපතිතුමා හා අගමැතිතුමාව දැනුවත් කර ඇත. එතුමන්ගේ එකඟතාව ඒ සඳහා පළ වී ඇත. නමුත් අමාත්‍යවරයා අත්තනෝමතික ආකාරයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඉවත් කළහොත් වහාම අඛණ්ඩ වර්ජනයකට අවතීර්ණ විය යුතු බවට ශාඛා සමිති ගණනාවක් දැනටමත් අප වෙත දැනුම් දී ඇත.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් විද්වතුන් රෝගී අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන පමණක් නොව කලාකරුවන් පවා පෙළ ගැසීමට නියමිත බවද එහි දැක්වෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site