Home News Breaking ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටීමට ජනාධිපති නීතිඥවරු

ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටීමට ජනාධිපති නීතිඥවරු

180 views
SHARE

අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටීමට ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතිඥ කණ්ඩායමට බැඳුම්කර කොමිසම ඊයේ (10) අවසර ලබා දුන්නා.

ජනාධිපති නීතිඥ ඉන්දතිස්ස කොමිසම හමුවේ කරුණු දක්වමින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගත් කොමිසම එම අවසරය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති නීතිඥ ඉන්ද්‍රතිස්ස සමඟ නීතිඥ චන්ද්‍රකුමාර සිල්වා, නීතිඥ චමින්ද අතුකෝරළ සහ නීතිඥ තෙරනි ප්‍රනාන්දු ඇතුළු නීතිඥ කණ්ඩායමක් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටිනු ඇත.

පෑන් ඒෂියා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රිචඩ් අරුණ බැස්ටියන් ඩයස් පසුගියදා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඇලෝසියස් හා සාක්ෂිකරු අතර පැවැති දුරකථන සංවාද සහ දුරකථන ඇමතුම් පිළිබඳ කොමිසම හමුවේ ප්‍රකාශ කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site