Home News Breaking ගොවිසෙත ලොතරැයියට සමාන හොර ලොතරැයියක් වෙළඳපොලේ

ගොවිසෙත ලොතරැයියට සමාන හොර ලොතරැයියක් වෙළඳපොලේ

208 views
SHARE

ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ජය අංක, දිනුම් වාරය හා ආරක්ෂක සංකේත කිසිවක් මුද්‍රණය කර නොමැති ව්‍යාජ ලොතරැයියක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි දන්වා ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් කියා සිටින්නේ තම සංවිධානය වෙත පාරිභෝගිකයකු විසින් ගොවිසෙත ලොතරැයියට සමාන ආකාරයෙන් මුද්‍රණය කළ ව්‍යාජ ලොතරැයියක් ලබාදී ඇති බවත් ඒ පිළිබඳ සාධාරණ සැකයක් මතුව ඇති බවයි.

මෙසේ ව්‍යාජ ලොතරැයි මුද්‍රණය කරමින් පාරිභෝගිකයන් මුළා කර මුදල් ලබා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වනවාද ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සභාපතිවරයා පොලිස්පති වෙත සිය අස්සනින් යැවූ ලිපියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site