Home News Breaking “BRC” මැයි රැළියට වරාපිටිය විදුහලෙන් ළමුන් ආවේ කොහොමද ?

“BRC” මැයි රැළියට වරාපිටිය විදුහලෙන් ළමුන් ආවේ කොහොමද ?

169 views
SHARE

අම්පාර, මහඔය අධ්‍යාපන කොට්ඨාසයේ වරාපිටිය විදුහලේ ගුරුවරුන් පිරිසක් විසින් පසුගිය මැයි පළමු වැනිදා කොළඹ බී.ආර්.සී පිටියේ පැවැති මැයි රැලියකට පාසල් සිසුන් තිස්දෙනෙකු සහභාගි කරවීම පිළිබඳව මහඔය අධ්‍යාපන කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම මැයි රැලියට සහභාගි වූ දරුවෙකුගේ පියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.බී. ධර්මදාස මේ පිළිබඳ සොයාබලා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පාසලේ ගුරුවරයෙකු විසින් තමන්ව මැයි රැලියට අරගෙන ගිය බවට සිසුන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ලිඛිතව සාක්ෂි ලබාදී තිබෙනවා.

අදාළ විදුහලේ ගුරුවරුන් දෙදෙනෙකු සහ ගුරුවරියක විසින් තමන් රැගෙන ගිය බවට මෙම රැලියට සහභාගි වූ සිසුසිසුවියන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට ලබාදෙන ලද ලිපියේ සඳහන්ව තිබෙනවා.

එමෙන්ම මැයි රැලියට සහභාගි වූ දරුවන්ගෙන් ආහාර සඳහා රුපියල් 200ක මුදලක්ද අයකර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අප මේ සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසා සිටියේ, පාසලේ සිසුන් රැගෙන යන බව තමන් නොදන්නා අතර, මේ පිළිබඳව සියලු තොරතුරු මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට දැනුම් දුන් බවයි.

මේ පිළිබඳව නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම් අසංක අබේවර්ධන කියා සිටියේ, මේ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු පත්කර දැනට පරීක්ෂණයක් කර ඇති බවත්, එම වාර්තාව ලැබුණු පසු මේ පිළිබඳ විනයානුකූල පියවරක් ගන්නා බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site