Home News Breaking ශ්‍රීලනිපයේ සියලු ඇමැතිවරුන් අද කොළඹට කැඳවයි

ශ්‍රීලනිපයේ සියලු ඇමැතිවරුන් අද කොළඹට කැඳවයි

168 views
SHARE

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ඇමැතිවරුන් අද (12) රාත්‍රියේ කොළඹට කැඳවා තිබෙන බව වාර්තා වනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රීලනිප ඇමැතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ඔවුන් මෙසේ කැඳවා ඇති බවයි එම පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

අදාළ හමුව අද රාත්‍රී 8.00 ට මහගමසේකර මාවත පිහිටි ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා පැමිණීම ශ්‍රීලනිපයේ සියලු කැබිනට් ඇමැතිවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට අනිවාර්යය කර ඇති බවද වාර්තා වනවා.

ඉදිරි කාලය තුළ ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් යැයි කතාබහට ලක්ව සිටින අමැතිවරුන් ද මේ සඳහා සහභාගි වීමට නියමිත බවද අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආණ්ඩුවේ වත්මන් තත්ත්වය පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කෙරෙන බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site