Home News Breaking මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු නාවිකයන් විසින් බේරා ගත් මෙහෙයුම PHOTOS

මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු නාවිකයන් විසින් බේරා ගත් මෙහෙයුම PHOTOS

164 views
SHARE

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (11දා) උදෑසන කෝකිලායි ප්‍රදේශයට අයත් කෝක්කුතුඩුවායි සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරකදී සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට සමත්වී තිබෙනවා.

මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් මෙම අලියා ගසාගෙන යන බව පළමුවෙන්ම නිරීක්ෂණය කර ඇති බව සඳහන්.

පසුව ඒ සඳහා මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරනු ලැබුවා.

සෙඩ්රික් යාත්‍රා 2 ක් මගින් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයට අයත් නාවිකයන් 7 දෙනෙකු අලියා බේරා ගැනීමේ මෙහෙයුම සඳහා අනුයුක්ත කිරීමට ද කටයුතු කෙරුණා.

මේ සඳහා වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක්වී ඇති අතර ඔවුන්ගේ උපදෙස් මත නාවික හමුදා පුද්ගලයින් විසින් අලියා බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් අලියාට උපද්‍රවයක් සිදු නොවන ලෙස කඹ යොදා ගෙන ගැඹුරු මුහුදේ සිට නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට සමත් වී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site