Home News Politics “ආප්පද බිබික්කන්ද මම දන්නේ නෑ. යන අය නවත්වා ගන්න උවමනාවක් නෑ.”

“ආප්පද බිබික්කන්ද මම දන්නේ නෑ. යන අය නවත්වා ගන්න උවමනාවක් නෑ.”

232 views
SHARE

වරදාන වරප්‍රසාද ලබාදී පනින අය නවත්වා ගැනීමට රජය සූදානම් නැති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා සඳහන් කරනවා.

වාරිමාර්ග අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කරනු ලැබුවා.

“අපේ රජය සම්මුතියකට අනුවයි කටයුතු කරන්නේ. ඇතැම් අය විවිධ ප්‍රකාශ කරමින් ආණ්ඩුව බිඳවැටෙයි කියලා බලාගෙන ඉන්නවා. හැබැයි කවුරු ගියත් රජය වැටෙන්නේ නෑ. යන අය වරදාන වරප්‍රසාද දීලා රඳවා ගන්නන් අපි උත්සාහ කරන්නේ නෑ.”

ඒ අය යන්නේ නෑ කියලා සාකච්ඡා කරන්නේ ආප්ප න්‍යායෙන්ද දන්නේ නෑ නේද? යනුවෙන් එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා “ආප්පද බිබික්කන්ද මම දන්නේ නෑ. යන අය නවත්වා ගන්න උවමනාවක් නෑ. නමුත් අපට විශ්වාසයි කවුරුත් රජයෙන් ඉවත්වෙලා යන්නේ නෑ. ප්‍රශ්න ගැටලු තියෙනවා. අපි ඒවා විසඳාගෙන ඉදිරියට යනවා.”

මාධ්‍යවේදීන් – රජයෙන් අයින් වෙනවා කියන්නේ නෑ. ස්වාධීන වෙනවා කියලනේ කියන්නේ.

අමාත්‍යවරයා – “ස්වාධීනව පාර්ලිමේන්තුවේ ඉන්න බෑ. එහෙම වුණොත් මන්ත්‍රී ධුරය අහෝසි වෙන්න පුළුවන්.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site