Home News Business ඇම්බැසඩර් නාමය පර්ජෝ සමාගමට

ඇම්බැසඩර් නාමය පර්ජෝ සමාගමට

329 views
SHARE

ඉන්දියාවේ වඩාත් ප්‍රකට මෝටර් රථයක් වන ඇම්බැසඩර් හි වෙළෙඳ නාමය එම රථ නිෂ්පාදනයේ යෙදුණු හින්දුස්ථාන් මෝටර්ස් සමාගම විසින් ප්‍රංශයේ පර්ජෝ සමාගම වෙත විකුණා තිබෙනවා.

ඇ.ඩො.මිලියන 12කට මෙම ගනුදෙනුව සිදුවී ඇති අතර, මෙම ඇම්බැසඩර් මෝටර් රථ එරට රජයේ අමාත්‍යවරුන් අතර වඩාත් ගෞරවාන්විත මෝටර් රථයක් ලෙස ප්‍රකට බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, වර්ෂ 2014 සිට ඇම්බැසඩර් රථ නිෂ්පාදනය නවතා දමා තිබෙනවා.

මෙම නව අත්පත් කරගැනීමත් සමග පර්ජෝ සමාගම විසින් එම වෙළෙඳ නාමය යළි ප්‍රාණවත් කරනු ඇතැයිද යන්න මෙතෙක් පැහැදිලි නොමැති බවයි සඳහන් වන්නේ.

දශක තුනක කාලයක් ඉන්දියාවේ වැඩිම අලෙවියක් ප්‍රකට කළ මෝටර් රථය ලෙස ඇම්බැසඩර් මෝටර් රථය කරළියේ පැවතුණා.

පර්ජෝ මෝටර් රථ සමාගමටද ඉන්දියාව සමග කුළුපග මිතුදමක් පවතින අතර, ඔවුන් ඉන්දියාවේ ආර්ථිකය විවෘත කිරීමෙන් පසුව එරටට මුලින්ම පැමිණි විදේශීය මෝටර් රථ සමාගම් කිහිපය අතරින් ප්‍රමුඛ සමාගමක් වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site