Home News Breaking ගැබිනි මවුවරුන්ගේ පෝෂණ දීමනාවේ වවුචරය ඩිජිටල් වෙයි

ගැබිනි මවුවරුන්ගේ පෝෂණ දීමනාවේ වවුචරය ඩිජිටල් වෙයි

144 views
SHARE

ගැබිනි මවුවරුන්ගේ පෝෂණ දීමනාව ජංගම දුරකථනයට ලැබෙන ඩිජිටල් මුදල් වවුචරයක් මගින් ක‍්‍රියාත්මක කරවීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

දින සීයේ වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් අනුව ගැබිනි මවුවරුන් සඳහා රුපියල් දෙදහසේ මාසික වාරික ලෙස රුපියල් විසිදහසක් දක්වා පෝෂණ දීමනාවක් ලබා දීමට කටයුතු කරනු ලැබුවා.

මෙම නව ක‍්‍රමය යටතේ ලියාපදිංචි ගැබිනි මවුවරුන්ට ඩිජිටල් වවුචරයක් ලෙස මාසිකව මෙම මුදල තමන්ගේ ජංගම දුරකථනයට ලැබෙනු ඇති.

මෙතෙක් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වූයේ ගැබිනි මවුවරුන් විසින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාගන්නා වවුචර පතක් වෙළෙඳසල් හිමියන්ට ලබා දී අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම වන අතර ඉදිරියේදී තම ජංගම දුරකථනය හරහා මෙම ඩිජිටල් වවුචර පත් වෙළෙඳසල් හිමියන්ට ඉදිරිපත්කර භාණ්ඩ ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම වෙළෙඳසල් හිමියන්ටද තමන්ගේ ජංගම දුරකථනය හරහා වවුචරයට අදාළ මුදල තමා වෙත ලබා ගැනීමට මින් හැකිවෙනු ඇති.

මෙහි අත්හදා බැලීමේ වැඩසටහනක් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් තුළ ක‍්‍රියාත්මක කරවීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site