Home News Breaking පෙම්වතුන් යුවළට හමුවූ තරුණයාගේ මළ සිරුර හඳුනා ගත් මව සාක්කි දෙමින් කියූ...

පෙම්වතුන් යුවළට හමුවූ තරුණයාගේ මළ සිරුර හඳුනා ගත් මව සාක්කි දෙමින් කියූ දේ

267 views
SHARE

බදුල්ල දුන්හිඳ දිය ඇල්ල ආශ්‍රිත වන රක්ෂිතයේ ගසක එල්ලමින් තිබු පුද්ගල මළ සිරුරක්, වනය තුල සංචාරය කිරීමට ගොස් සිටි පෙම්වතුන් යුවළකට පසුගියදා හමුවී ඇති බව වාර්තා වනවා.

මෙසේ මියගොස් තිබෙන්නේ පසුගිය 03 වනදා සිට අතුරුදන්ව සිටි බණ්ඩාරවෙල, දකුණු කැබිල්ලේවෙල, ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය 31 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් සිටි පුද්ගලයගේ සිරුර ඔහුගේ බිරිඳ සහ පවුලේ ඥාතීන් විසින් හදුනාගෙන තිබෙනවා.

“පුතාට දියවැඩියාව තිබුණා. දිනපතා ඉන්සියුලින් විද ගත්තා. මේ ගැන ඔහු සිත් වේදනාවෙන් සිටියා. වෙන මොකුත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ.” යනුවෙන් බදුල්ල නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා විසින් බදුල්ල මහ රෝහලේදී පවත්වන ලද හදිසි මරණ පරීක්ෂණයේදී, පොලීසිය කළ සාක්ෂි මෙහෙයවීමේදී අදාල පුද්ගලයාගේ මව සාක්ෂි ලබා දෙමින් පවසා තිබෙනවා.

බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෙම මරණය සිත්තැවුලක් හේතුවෙන් සිදුකරගත් සියදිවිනසා ගැනීමක් බවට තීරණය වී ඇති බව වාර්තා වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site