Home News Breaking CCTV කැමරා නැති වෙළඳසල් තෝරා රිංගු හොර PHI සොයා මෙහෙයුම්

CCTV කැමරා නැති වෙළඳසල් තෝරා රිංගු හොර PHI සොයා මෙහෙයුම්

185 views
SHARE

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකු හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියකු ලෙස පෙනීසිටිමින් හැටන් නගරයේ ආපනශාලා හා වෙළඳසල් පරීක්‍ෂා කළ අයකු සොයා හැටන් නගර සභාව හා නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හැටන් නගරයේ සීි.සීි.ටී.වී. කැමරා සවිකර නොමැති තෝරා ගත් වෙළඳසල් හා ආපනශාලා කිහිපයකට මෙම සැකකරු ඊයේ (12) ගොස් එහි ඇති අතර අඩුපාඩුකම් ගණනාවක් සම්බන්ධයෙන් එම වෙළඳසල් හිමියන් දැනුවත් කර ඒ සඳහා රුපියල් විසිපන්දහසක දඩයක් ගැසිීමට සිදුවන බවද පවසා නැවත වෙළඳසල් පැමිණෙන බව දන්වමින් ගිය බවයි එම වෙළඳසැල් හිමියන් සඳහන් කළේ.

එසේ පැමිණි නිලධාරියාගේ අනන්‍යතාව තහවුරු කරන ලෙසට වෙළඳසල් හිමියන් ඉල්ලා සිටියත් ඔහු හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා එම වෙළඳසල් හිමියන් එම සැකකරු ජංගම දුරකථනයකින් ඡායාරූපයක් ගෙන හැටන් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා සහ නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම සැකකරුව අත්අඩංගුවට ගැනීිමසඳහා විමර්ශනයක් ආරම්භ කරන බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක රාමයියා බාලකි‍්‍රෂ්ණන් සහ නුවරඑළිය පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි විමලසිරි ඉලූක්කුඹුර කියා සිටියා.

එම සැකකරු පරීක්‍ෂා කළේ යැයි කියන වෙළඳසල් වෙත ගොස් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා සහ පාරිභෝගික සේවා අධිකාරියේ කටයුතු පිළිබඳව නිලධාරීන් වෙළඳසල්හිමියන් දැනුවත් කිරීමක් ද කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site