Home News Breaking අම්පාර “හාඩි” උසස් තාක්ෂණ ආයතනය දින නියමයක් නොමැතිව වසා දැමුණු හේතුව මෙන්න

අම්පාර “හාඩි” උසස් තාක්ෂණ ආයතනය දින නියමයක් නොමැතිව වසා දැමුණු හේතුව මෙන්න

152 views
SHARE

අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ නේවාසික සිසුන් පිරිසක් විසින් එහි අධ්‍යක්ෂවරයා ඔහුගේ කාර්යාලයේ සිර කර තැබීමේ සිදුවීමකින් පසුව හාඩි උසස් තාක්ෂණ ආයතනය දින නියමයක් නැතිව වසා දමා තිබෙනවා.

හාඩි ආයතනයේ නේවාසික සිසුන් සහ නේවාසික නොවන සිසුන් අතර ගැටුමක් ඇතිවී ඇති බවද වාර්තා වනවා.

ඉන් තුවාල වු සිසුන් පිරිසක් රෝහල් ගත කර ඇති බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් සිසුන් 10 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් එහි ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරනවා.

මෙම සිදුවිමෙන් අනතුරුව නේවසිකව සිටින සිසුන් ඊයේ පෙරවරුවේ හාඩි ආයතනයේ අධ්‍යක්ෂ ඒ. බාරෙන් ඔහුගේ නිළ කාමරය තුල සිර කරගෙන සිටි අතර පසුව අම්පාර කොටිඨාස භාර පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර, අම්පාර මුලස්ථාන පොලිස් පරීක්ෂක දයාල් ඉලංගකොන් පැමිණ දෙපිරිස අතර සාකච්ඡාවක් පැවැත්වූ බව සඳහන්.

උදෑසන සිට සිරකගෙන සිටි අධ්‍යක්ෂවරයා පොලිසියේ මැදිහත්වීමෙන් ආරක්ෂිතව පිටතට රැගෙනවිත් තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site