Home C Gossip හිටපු ක්‍රිකට් නායකයන් දෙදෙනෙක් ගැටෙයි

හිටපු ක්‍රිකට් නායකයන් දෙදෙනෙක් ගැටෙයි

479 views
SHARE

2009 වසරේ පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් මෙන්ම 2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීම සඳහාත් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

2011 වසරේදි ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූ අතර එවකට ශ්‍රී ලංකා කණ්ඩායමෙ නායකයා ලෙස කටයුතු කළේ කුමාර සංගක්කාරයි.

සුදු පිරුවටින් වැසී සිටින ක්‍රීඩකයන්ගේ අභ්‍යන්තරය ගැන තමන් හොඳින් දන්නා බවත් 2009 වර්ෂයේ පාකිස්ථාන සංචාරය සිදු කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස කටයුතු කළේ එවකට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්ව සිටි එස්. ලියනගම බවද සඳහන් කළා.

ඊයේ (13දා) උදෑසන පුවත්පත් මාධ්‍යවේදීන් පිරිසක් හමුවෙමින් ඔහු මේ බව කියා සිටියා.

“දැන් ඔය සංගක්කාර මහත්තයා කියනවා නම් පරීක්ෂණයක් පවත්වන්න කියලා පරීක්ෂණයක් පවත්වන්න. ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස සිටියේ ලියනගම. ඊට මාස කිහිපයකට පෙර මම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති.

අපි ආසියානු තරගාවලිය පකිස්ථානයේ පැවැත්වුවේ. එය ඉතාමත් හොඳට තිබුණා. ඊට පස්සේ අයි. පී. එල්. තරගාවලියට යන්න ඕන කියලා චාලි ඔස්ටින්ගේ කණ්ඩායම ඇවිත් මට කිව්වා. එතැනදී මම කිව්වේ රට පාවලා දීලා එයට මට අත්සන් කරන්න බැහැ කියලා.

ඊට පස්සේ ගාමිණී ලොකුගේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා මාව ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අයින් කළා.

ඊට පස්සේ තමයි පකිස්ථාන සංචාරය තිබ්බේ. එහිදී තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරට පත් වුණේ. මං හිතන්නේ ඒ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. නමුත් අමතක කරන්න එපා, ඔය පාකිස්ථානයට ගිය ක්‍රීඩකයෝ ඊට පෙර ඒ රටේ පැවැති ආසියානු කුසලානයට ගියා.

ඊළඟට මම තවත් දෙයක් කියනවා. ඉන්දියාවේ අයි. පී. එල්. තරගාවලිය යනකොට ඕන තරම් බෝම්බ යනවා. එතැනදී අපේ එක ක්‍රීඩකයෙක්වත් කියලා තියෙනවද බෝම්බ යනවා, අයි. පී. එල්. ඕනේ නැහැ කියලා. නමුත් රටට ගහන්න වෙන කොට බෝම්බ ගහනවා කියලා කථා කරන්න නම් ක්‍රීඩකයෝ ගොඩාක් ඉන්නවා.

මම කියන්නේ 2011 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට මොකද වුණේ කියලා පරීක්ෂණයක් කරන්න. ක්‍රීඩා ඇමැතිවරු කරන්න ඕන ඕවා. තරගවල උඩ පන්දු අතහරින ඒවායි, බඩවල් ගැනයි කථා නොකර තරග පරදින හේතු හොයලා බලන්න. ඔය කථා කරන ක්‍රීඩකයින්ටත් දැන් හරි කාලේ ඇවිල්ලා තියෙනවා, මොනවා හරි වෙලා තියෙනවා නම් මෙන්න වෙච්ච දේ කියලා ඇවිල්ලා කියන්න.

ඒ තරගාවලියේදී මමත් ඉන්දියාවේදී විස්තර විචාරයේ යෙදුණා. මටත් ලොකු කනස්සල්ලක් සහ සැකයක් ඇති වුණා. මට දැන්ම කියන්න බැහැ ඒවා මොකද්ද කියන එක. මම කරුණුත් එක්ක කවදක හරි දවසක ඒවා කියනවා. මං නම් කියන්නේ පරීක්ෂණයක් කරන්න ඕන නම් කරන්න ඕන මෙවැනි දේවල් ගැන.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site