Home News Politics “මගේ කාලේ පාකිස්තානයේ ඩෙංගු පාලනය කලේ අපේ වෛද්‍යවරු”

“මගේ කාලේ පාකිස්තානයේ ඩෙංගු පාලනය කලේ අපේ වෛද්‍යවරු”

191 views
SHARE

ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා විදේශීය රටවල සහාය අනවශ්‍ය බවත් මෙරට වෛද්‍යවරුන්ට ඒ සඳහා පූර්ණ හැකියාවක් තිබෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩු විභාගය දැක බලා ගැනීම සඳහා ඊයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ මේ බව කියා සිටියා.

“ඩෙංගු රෝගයෙන් ලක්ෂ ගාණක් පීඩාවට පත්වෙලා. විශාල පිරිසක් මැරෙනවා.”

“මගේ කාලේ පාකිස්තානයේ ඩෙංගු රෝගය පැතිර ගිය අවස්ථාවේ එය පාලනය කරන්න අපේ වෛද්‍යවරු එරටට යැවුවා. මෑතකදී මම එරටට ගිය අවස්ථාවේදී ඒ රටේ බලධාරීන් මට ස්තූති කළා. එහෙත් අද කනගාටුදායක ලෙස ඩෙංගු රෝගය පාලනය කරගත නොහැකි තත්ත්වයකට රජය තල්ලු වෙලා” තිබෙනවායි රාජපක්ෂ චෝදනා කළා.

දූෂණ විරෝධී ලේකම් කාර්යාලය වසා දැමීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ කියා සිටියේ එම ආයතනය ස්ථාපිත කළේ තමන්ට පහර දීමේ අදහසින් බවයි.

“ඔය කාර්යාලය පාලනය වන්නේ අගමැති කාර්යාලයෙන්. එහෙත් ලේකම් හැටියට කටයුතු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෙක්. මේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන පැමිණිලි කිසිවක් ඔය කාර්යාලයෙන් භාරගන්නේ නැහැ. ඉතිං අපිට පහර දීමට තමයි ඔය කාර්යාලය ස්ථාපිත කළේ.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site