Home News Breaking සෙබලා අනතුරට ලක් කළ බූම් ට්‍රක් රථය සී.සී.ටී.වී මගින් හඳුනාගනියි

සෙබලා අනතුරට ලක් කළ බූම් ට්‍රක් රථය සී.සී.ටී.වී මගින් හඳුනාගනියි

155 views
SHARE

පසුගිය 09 වනදා රාත්‍රීයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි රාගම යුධ හමුදා කදවුරේ සේවය කළ ඩී .එම් පැතුම් අනුරංග නමැති සෙබලෙකු අනතුරට ලක් කල බවට සැක පිට රාජ්‍ය දැව සංස්ථාවේ කැප්පෙටිපොළ දැව ගබඩාවට අයත් බූම් ට්‍රක් රථයක් සී. සී. ටී. වී දර්ශන හා වෙනත් සාක්ෂි මත හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.

එහි රියදුරා ඊයේ (13) සවස නිතීඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වු බවයි බොරලන්ද පොලිසිය සඳහන් කලේ.

අනතුර සිදු කළ බවට සැක කරන සැකකාර රියදුරා මෙම අනතුර පිළිබඳව පාපෝච්චාරනයක් කළ බවද පොලිසිය කියා සිටියා.

බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහගේ උපදෙස් මත බොරලන්ද පොලිස් ස්ථානාධිපති එච් .යූ. ප්‍රියන්තගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site