Home News Breaking නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ මින් ඉදිරියට දේශපාලනය බෑ

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ මින් ඉදිරියට දේශපාලනය බෑ

126 views
SHARE

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය දේශපාලන කටයුතුවලට යොදාගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද(14) අතුරුතහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

පූජ්‍ය පත්බේරියේ විමලඥාන හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක විසින් මෙම අතුරුතහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

2016 වසරේ පෙබරවාරි මස ගොනුකර ඇති මෙම පැමිණිල්ල තුළින් අභයාරාම විහරස්ථානය දේශපාලන කටයුතුවලට යොදාගැනීමෙන් බැතිමතුන්ට විශාල අසාධාරණයක් සිදුවන බැවින් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි එමගින් ඉල්ලා තිබුනේ.

ඒ අනුව කරුණු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය විසින් අභයාරාම විහාරස්ථානයේ දේශපාලන කටයුතු නවත්වන ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට මෙම අතුරුතහනම් නියෝගය පනවා තිබෙනවා.

පැමිණිල්ලේ වැඩිදුර විභාගය නොවැම්බර් මස 20 වන දිනට කල් තබානු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site