Home News Breaking රයන් ජයලත් අත්අඩංගුවට ගන්න ගියේ පොලිස්පතිවරයාට දී තිබු වාහනයකින්ද?

රයන් ජයලත් අත්අඩංගුවට ගන්න ගියේ පොලිස්පතිවරයාට දී තිබු වාහනයකින්ද?

163 views
SHARE

වෛද්‍යපීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධියට සම්බන්ධ වාහනය 2010 වසරේ සිට පොලිස්පතිවරයා වෙත ලබාදී තිබූ වාහනයක් බව වාර්තා වනවා.

CRLOTBH 0015679 අංකය යටතේ මෙම වාහනයට බලපත්‍රයද නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එය කොළඹ අපරාධ කොට්ඨාශයේ කටයුතු සඳහා ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත් කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ පැවැත්වෙන නඩුවකට අදාළව රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය එම ස්ථානයට ගොස් තිබෙනවා.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් ඉල්ලා තිබෙනවා.

රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධිය පිළිබදව සහ එම අවස්ථාවේදී පොලීසිය විසින් අනුගමනය කල ක්‍රමවේදයන් පිළිබදව පරීක්ෂණයක් සිදුකර වහාම වාර්තාවක් ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා පොලිස්පතිවරායට නියෝග කර තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site