Home News Breaking තමන් වෙනුවෙන් ජීවිතය පුජා කළ පොලිස් නිලධාරියා වෙනුවෙන් ඔහුගේ බිරිඳ ඉදිරිපට දණින්...

තමන් වෙනුවෙන් ජීවිතය පුජා කළ පොලිස් නිලධාරියා වෙනුවෙන් ඔහුගේ බිරිඳ ඉදිරිපට දණින් වැටී සමාව ගන්නා යාපනයේ මහාධිකරණ විනිසුරුවරයා VIDEO

1,456 views
SHARE

යාපනය මහාධිකරණ විනිසුරුවරයා ඉලක්ක කර නල්ලූර් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පොලිස් සැරයන්වරයා මියගියා.

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මියගිය පොලිස් සැරයන්වරයාගේ බිරිඳ ඉදිරිපිට දණින් වැටී සමාව අයදින වීඩියෝවක් අන්තර්ජාලය පුරා ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වනවා.

මියගිය පොලිස් සැරයන්වරයා යාපනය පොලිසියට අනුයුක්තව සේවය කළ, 51 හැවිරිදි හලාවත ප්‍රදේශයේ පදිංචි හේමචන්ද්‍ර නමැති අයෙක් වන බවයි වාර්තා වන්නේ.

විද්‍යා ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝජනය කරන යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

යාපනය මහාධිකරණ විනිසුරුවරයා සිය නිවසට යමින් සිටියදී මාර්ගය හරස් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

එම අවස්ථාවේදී ආරක්‍ෂක නිලධාරියා පොලිස් යතුරුපැදියෙන් බැස මාර්ගය පාදා ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරියාගේ පිස්තෝලයම ගෙන ඔහුට වෙඩි තබා ඇති බව සඳහන්.

පසුව වෙඩි තැබූ අය කාන්තා යතුරු පැදියක් පැහැරගෙන පළා ගොස් ඇතැයි යාපනය පොලිසිය කියා සිටියා.

එම වෙඩි ප්‍රහාරයෙන් විනිසුරුවරයාට අනතුරක් සිදුවී තිබුනේ නැහැ.

එම වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site