Home News Breaking දෙහිවල සත්තු වත්තේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළට

දෙහිවල සත්තු වත්තේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළට

137 views
SHARE

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ නැංවීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ ප්‍රකාශ කළේ, රාත්‍රියේ සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා නිකුත් කරන ප්‍රවේශ පත්‍ර මිල එලෙස ඉහළ දමන බවයි.

ඊට අදාළ කටයුතු සම්පාදනයට, විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බව ද ඇය ප්‍රකාශ කළා.

නව ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරි දින කිහිපයේදී වනජීවි හා තිරසර සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා වෙත ලබා දීමට නියමිතයි.

ලබන සැප්තැම්බර් 09 වනදා සිට දෙහිවල සත්වෝද්‍යානය රාත්‍රී කාලයේත් විවෘතව තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රාත්‍රි කාලයේ ක්‍රියාකාරී සතුන් පමණක් රාත්‍රී 7.00 සිට 10.00 දක්වා සංචාරකයින් වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

සතුන් නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා විශේෂ වාහන යොදවන බව ද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කළා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site