Home News Business ශ්‍රී ලංකා ක්‍රිකට් බලගන්වන Huawei නිල ස්මාර්ට්ෆෝන් PHOTOS

ශ්‍රී ලංකා ක්‍රිකට් බලගන්වන Huawei නිල ස්මාර්ට්ෆෝන් PHOTOS

267 views
SHARE

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සහයෝගිතාවකට පැමිණීම පසුගියදා සිදුවුනා.

මෙම අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි සහ කාන්තා යන කණ්ඩායම් දෙක සඳහාම සැපයෙන අතර එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස තරඟ සඳහාද මෙම සත්කාරකත්වය ක්‍රියාත්මකවනවා.

දේශිය ක්‍රිඩාලෝලීන් අතර සිය සන්නාමය තවදුරටත් ජනප්‍රිය කරවීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත මෙම අනුග්‍රාහකත්වය පිරිනැමීම පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණා.

මෙම අවස්ථාවට සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා Huawei අනුග්‍රාහකත්වය දැක්වෙන ක්‍රිකට් නිලඇඳුම Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් සහ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු යන මහත්වරුන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරඟ නායක උපුල් තරංග, ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරින් ද එක්ව සිටියා.

මෙම අවස්ථාව සමරමින් Huawei විසින් ක්‍රිකට් ලෝලීන් සඳහා නව ප්‍රවර්ධන වැඩසටහනක් ද දියත් කෙරිණ. මේ යටතේ ජුලි 17 වනදා සිට සැප්තැම්බර් 9 වනදා දක්වා GR3 2017, GR5 2017 හෝ GR5 Premium ස්මාර්ට්ෆෝන් මිලදී ගන්නා සෑම පාරිභෝගිකයෙකුම වටිනා ත්‍යාග පිරිනැමීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇඳුම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අත්සන් සහිත සමරු ක්‍රිකට් පිති දිනාගැනීමට අවස්ථාව සලසාදී තිබෙනවා.

Huawei ලොව ප්‍රමුඛ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා විවිධ අවස්ථාවල අනුග්‍රහය දක්වා ඇති ජාත්‍යන්තර සමාගමකි. ආසෙනල් පාපන්දු සමාජය, AC Milan, සහ IPL ක්‍රිකට් තරඟාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීම ඉන් කිහිපයකි. මීට අමතරව ඇමරිකාවේ ප්‍රථම ක්‍රීඩා සමාජය වන Washington Redskins NFL කණ්ඩායම සමඟ ද Huawei අත්වැල් බැඳගෙන සිටින අතර වසර 2012 සිට NRL හි Canberra Raider කණ්ඩායම වෙත ද Huawei සිය දායකත්වය ලබාදී තිබේ.

මෙම අවස්ථාවට Huawei ජංගම දුරකථන සදහා ප්‍රධාන අලෙවි සැපයුම්කරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර සමරසිංහ, වෙළද සහ වාණිජ අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන, මෙහෙයුම් අධ්‍යක්ෂ චන්දන සමරසිංහ ඇතුළු ශ්‍රී ලංකා සමාගමේ කළමණාකරුවන් රැසක් එක්ව සිටියා.








cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site