Home News Breaking ලස්සනගමේ විහාරස්ථානයක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන්ට පොලීසියෙන් වෙඩි

ලස්සනගමේ විහාරස්ථානයක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන්ට පොලීසියෙන් වෙඩි

111 views
SHARE

මීගලෑව, ලස්සනගම ප්‍රදේශයේ විහාරස්ථානයක දේපළ කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විහාරස්ථානයේ දේපල කොල්ලකෑමට පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණෙන බවට ලද තොරතුරක් මත මීගලෑව පොලීසිය අදාළ යතුරුපැදිය නවතා පරීක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදි කොල්ලකරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පොලීසිය ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.

වෙඩි වැදීමෙන් කොල්ලකරුවන් දෙදෙනා තුවාල ලබා මීගලෑව රෝහලට ඇතුළත් කිරීමේ දී එක් කොල්ලකරුවෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

අනෙක් සැකකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී ටී -56 ගිනි අවියක්, පිස්තෝලයක් සහ ජීව අත්බෝම්බයක් පොලීසිය භාරයට ගෙන ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මීගලෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site