Home News Breaking අනුරාධපුර රෝහලේ විශ්මිත සැත්කමක්

අනුරාධපුර රෝහලේ විශ්මිත සැත්කමක්

141 views
SHARE

අනතුරක් හේතුවෙන් වම් පාදය අහිමිවු පුද්ගලයෙකුට මොළය මියගිය රෝගියෙකුගේ වම් පාදය සාර්ථකව බද්ධ කිරිමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සමත්වූ බව ඊයේ (26) රෝහලේ පැවති මාධ්‍ය හමුවකදි වෛද්‍යවරු සඳහන් කළා.

ලංකාවේ වෛද්‍ය ඉතිහාසයේ දී තවත් පුද්ගලයකුගේ පාදයක් වෙනත් රෝගියෙකුට බද්ධ කළ ප‍්‍රථම අවස්ථාව මෙය බව ද වෛද්‍යවරු පෙන්වා දෙනවා.

මිට පෙර මෙවන් සැත්කම් සිදුකර ඇත්තේ කැනඩාව ස්පාඤ්ඤය සහ තුර්කිය යන රටවල පමණක් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලංකාව මෙවන් සැත්කමක් සිදුකළ ලෝකයේ රටවල් අතරින් සිවුවැනි ස්ථානය ගන්නා අතර ලෝකයේ මේ අකාරයෙන් සිදුකළ පස්වන සැත්කම මෙය බවද වෛද්‍යවරු කියා සිටියා.

රෝගියාට බද්ධ කිරීම සඳහා මෙම පාදය ලබාගෙන ඇත්තේ කැබිතිගොල්ලැව ප‍්‍රදේශයේ පදිංචිව සිටි 52 දෙහැවිරිදි මොළේ මියගිය පුද්ගලයෙකු ගෙන් බවයි වත වන්නේ.

ඔහුගේ වකුගඩු දෙකද ලබාගත් වෛද්‍යවරු ඒවා නුවර ප‍්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට බද්ධ කර තිබෙනවා.

මෙම සැත්කම සදහා පැය 11කට අධික කාලයක් ගතව තිබෙන බවද ඔවුන් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site