Home News Politics හොරා කියන නාමය හැර රවීට වෙන කීර්තිනාමයක් නැහැ

හොරා කියන නාමය හැර රවීට වෙන කීර්තිනාමයක් නැහැ

217 views
SHARE

අමාත්‍ය රවි කරුණානායක බැඳුම්කර කොමිසම මඟහැරියේ ඔහුට එල්ල වී ඇති බරපතළ දූෂණ චෝදනාවලින් ගැලවීමට යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහුට එල්ල වී ඇති චෝදනා අනුව මේ මොහොතේ බැඳුම්කර කොමිෂන් සභාව ඒ පිළිබඳ වාර්තාවක් සකසා එය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් අනතුරුව එය අධ්‍යයනය කර විධිමත් නඩුවක් ගොනු කර දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියක් සිදු කළ යුතු බවයි මන්ත්‍රිවරයා සඳහන් කලේ.

ඔහු පවසන්නේ අමාත්‍ය කරුණානායක අනිවාර්යයෙන්ම සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

කෙසේ නමුත් කරුණානායක වැනි පුද්ගලයන්ගෙන් එවැනි සදාචාරමය කටයුත්තක් බලාපොරොත්තු නොවිය යුතු බව පවසන අනුර කුමාර විමසුවේ මාධ්‍යයට පවසන ආකාරයට ඔහුට කීර්තිනාමයක් ඇත්තේද යන්නයි.

රවි කරුණානායක නම් පුද්ගලයාට හොරා යන නාමය හැර වෙනත් කීර්තිනාමයක් නොමැති බවත් බැඳුම්කර කොමිසම මඟහැරියේ එම හොරකම් යට ගැසීමට අවශ්‍ය ලිපිගොනු සකසා ගැනීමට කාලයක් නොමැති හේතුවෙන් බවත් දිසානායක වැඩි දුරටත් පෙන්වා දෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site