Home News Breaking වරාය සේවකයන්ගේ වැඩ වර්ජනයත් තාවකාලිකව අත්හිටුවයි

වරාය සේවකයන්ගේ වැඩ වර්ජනයත් තාවකාලිකව අත්හිටුවයි

135 views
SHARE

හම්බන්තොට වරාය චීන පෞද්ගලික සමාගමක් වෙත පැවරීමට විරෝධයපළ කරමින් හෙට (28) ක්‍රියාත්මක කිරිමට සියලු කටයුතු සූදානම් කර තිබූ වරාය සේවකයන්ගේ එක් දින වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සමස්තලංකා වරාය ‍පොදු සේවක සමිතිය පවසනවා.

මෙම හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අත්සන් කිරිමට යෝජිත ගිවිසුමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තිය සමිති ගෙනගිය අරගලයේ දි මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා විසින් ඊයේ (26) ලබා දී ඇති අතර, එහිදි අදාල ගිවිසුමේ සංශෝධනයන් සිදු කිරිමට වු එකඟවීමත්, ඒඅනුව 29 වෙනිදා අත්සන් කිරිමට නියමිතව තිබු ගිවිසුම අත්සන් නොකිරිමත් නිසා වරාය වෘත්තිය ක්‍රියා මාර්ගය මෙසේ අත්හිටවු බව එම වෘත්තිය සංගමයේ ප්‍රධාන ‍ලේකම් චන්ද්‍රසිරි මහගමගේ කියා සිටියා.

එම සංශෝධනයන් සම්බන්ධව අගෝස්තු 01 වෙනිදා නැවත සාකච්ඡාවක් තෙල් වෘත්තිය සමිති වෙත ලබා දී තිබෙන බව ද පැවසූ ඔහු, අදාල සංශෝධනයන් සඳහා ජනාධිපතිවරයා සමඟ කෙරෙන එම සාකච්ඡාව නිසා සිය ක්‍රියා මාර්ග ද මෙසේ තාවකාලිකව නතර කරනු ලැබු බව ද පැවසුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site