Home News Breaking කළුබෝවිල ළමා නිවාසයක දැරියන් 18කට පාලිකාවගේ සැමියාගෙන් ලිංගික අතවර

කළුබෝවිල ළමා නිවාසයක දැරියන් 18කට පාලිකාවගේ සැමියාගෙන් ලිංගික අතවර

254 views
SHARE

කළුබෝවිල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ළමා නිවාසයක නේවාසිකව සිටි දැරියන් 18 දෙනකුගේ ඇඟපත අත ගා අතවර කළ බව කියන එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා දින 14 කට රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

62 හැවිරිදි සැකකරු එම ළමා නිවාසයේ රියෑදුරකු ලෙස ද කටයුතු කරන බව හෙළිවි ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

මෙම දැරියන්ට සිදුකරන ලද අතවර සම්බන්ධයෙන් ජාතික ළමාරක්‍ෂක අධිකාරියට ලද පැමිණිල්ලක්‌ මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ළමා නිවාසයේ නේවාසිකව සිටින අවුරුදු 10 ත් 17 ත් අතර දැරියන් 18 දෙනා පොලිසියට රැගෙනවිත් තොරතුරු ලබා ගත් බව සඳහන්.

අදාළ දැරියන් ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන අතර, ඔවුන් පාසල වෙත රැගෙන ගොස්‌ ඇත්තේ ද මෙම සැකකරු විසින් බව හෙළිවී තිබෙනවා.

සැකකරු පසුගියදා (25දා) නුගේගොඩ අතිරේක මහෙස්‌ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී සැකකරු අගෝස්‌තු 8 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

කොහුවල පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියශාන්තගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති උපපොලිස්‌ පරීක්‍ෂක එච්. එම්. සිරිවර්ධනගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site