Home News Breaking පර්පචුවල් සමාගම විසින් කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි

පර්පචුවල් සමාගම විසින් කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි

123 views
SHARE

ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසියෙන් අනතුරුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් කොටස් මිලදී ගත් ජාතික බැංකුවක, මධ්‍යසාර නිශ්පාදන සමාගමක, විද්‍යුත් මාධ්‍ය සමාගමක සහ අළුතින් ස්ථාපනය කරන ලද මුද්‍රිත මාධ්‍ය ආයතනයක තොරතුරු ලබන මස 02 වැනිදාට පෙර කොමිසමට බාර දෙන ලෙස විනිසුරු ප්‍රසන්න ජයවර්ධන ඊයේ (28) එම සමාගමට නියම කර තිබෙනවා.

මෙලෙස තොරතුරු දැනුම් දෙන ලෙස නියම කරන ලද්දේ ජාතික සංවර්ධන බැංකුව, ඩබ්ලිව්.ඇම්. මෙන්ඩිස් සහ සමාගම නමැති මධ්‍යසාර නිශ්පාදන සමාගමේ, ‘සියත‘ රූපවාහීනී සහ ගුවන් විදුලි නාලිකා විකාශනය, “ඒෂියා වොයිස් නෙට් වර්ක්” නමැති විද්‍යුත් මාධ්‍ය සමාගමේ සහ “ජනයුගය” පුවත්පත් මුද්‍රණය කරන “ඉන්ටර්ග්‍රේටඩ් මීඩීයා නෙට් වර්ක්” නමැති අලුතින් ස්ථාපනය කරන ලද මුද්‍රිත මාධ්‍ය ආයතනයකට අදාළ තොරතුරුයි.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු කොමිසම අමතමින් මෙම තොරතතුරු සෘජුවම කොමිසමේ ලේඛකාධිකාරීවරයාට බාර දීමට අවසර ලබාදෙන්නැයි ඉල්ලා සිටියා.

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ කොමිසම ඒ සඳහා අවසර ලබා දුන් බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site