Home News International අරන් පැයයි – ෆෙරාරිය ගිනිබත් වෙයි

අරන් පැයයි – ෆෙරාරිය ගිනිබත් වෙයි

236 views
SHARE

පවුම් ලක්ෂ දෙකක (රුපියල් මිලියන 40 ආසන්න) වටිනාකමින් යුත් අලුත්ම ෆෙරාරි මෝටර් රථයක් මිලදී ගෙන පැයක් ගත වෙත්ම අනතුරට ලක් වීමේ පුවතක් එංගලන්තයෙන් වාර්තා වනවා.

අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ රථය රියදුරාට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් පිටතට පැන අනතුරට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

බ්‍රහස්පතින්දා (ජුලි 27) සවස සවුත් යෝක්ෂයර් ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමත් සමග Ferrari 430 Scuderia වර්ගයේ රථය ගිනි ගෙන විනාශ වුණා.

මාර්ගයෙන් පිටතට පැන ඉවුරකින් මීටර 50 පෙරළී අනතුරට පත් රථයේ ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයන්ද කැඳවූ බවයි වාර්තා වන්නේ.

සිය නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයක් පළ කරමින් සවුත් යෝක්ෂයර් පොලිසිය කියා සිටියේ ” කුමන වර්ගයේ මෝටර් රථයක් ද ඔබට තිබුණේ කියලා පොලිස් නිලධාරීන් ප්‍රශ්න කළ විට, ඒක ෆෙරාරි එකක් යනුවෙන් ඔහු පිළිතුරු දුන්නා” යනුවෙනි.

“මම මේක මිල දී ගත්ත විතරයි. පැයකට කළින් අරන් ආවේ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site