Home News Breaking පාසල් නිවාඩු කාලයෙත් පාසල් සුද්ද කිරීම අනිවාර්ය වෙයි

පාසල් නිවාඩු කාලයෙත් පාසල් සුද්ද කිරීම අනිවාර්ය වෙයි

104 views
SHARE

පාසල් නිවාඩු සමයේ සෑම ඉරු දිනකම පාසල් පවිත්‍ර කරන ලෙස දන්වා අධ්‍යාපන අමාත්‍යංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එහි සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ රේණුකා පිරීස් ප්‍රකාශ කළේ, පවතින ඩෙංගු අවදානමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ යටතේ දෙවන පාසල් වාරය අවසන් වනු ලබන අගෝස්තු 04 වෙනිදා සිට තුන්වන පාසල් වාරය ආරම්භ වන සැප්තැම්බර් 06 වන දා දක්වා එම වැඩසටහන ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, පාසල් හා අවට පරිශ්‍ර පවිත්‍ර කිරිම සම්බන්ධයෙන් අවසන් ලොග් සටහන් තැබීම අනිවාර්ය කර ඇති බවයි.

මේ අතර තුන්වන වාරය සඳහා පාසල් ආරම්භ වන සැප්තැම්බර් 06 වනදාට දින දෙකකට පෙර දෙමාපියන්ගේ සහ ආදි ශිෂ්‍යයින්ගේ සහභාගිත්වයෙන් පාසල් පවිත්‍ර කිරීම අනිවාර්ය කර ඇති බව ද රේණුකා පිරීස් ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

.